October 26, 2026

නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලගාරයේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා සහ නඩත්තු කටයුත්තක් සඳහා අක්‍රිය කර තිබේ.

වාර්තා වන අන්දමට, මෙම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බවට ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සහතික වී තිබේ.

අත්‍යවශ්‍ය නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු කිහිපයක් සිදු කිරීම සඳහා මෙම ජනන යන්ත්‍රය මෙලෙස පද්ධතියෙන් ඉවත් කර ඇත.