January 14, 2026

රටේ පාලනය භාරගෙන ගෙවී ගිය වසර තුළ වත්මන් ආණ්ඩුවේ දේශපාලන ගමන පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අදහස් පළ කළේය.

ceylonwire.lk වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වසරක් ගතවී ඇති පසුබිමක් තුළ ආණ්ඩුව වර්තමානයේදී නොයෙක් අභියෝගවලට මුහුණ පා ඇති බවයි.

ඒ අනුව විපක්ෂයේ සිටියදී පවසන සුන්දර ප්‍රකාශ ආණ්ඩු බලය ලබා ගත් පසු සැබෑ නොවන බව ආණ්ඩුව අවබෝධ කර ගත යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවකට අනිවාර්යයෙන් අභියෝග සඳහා මුහුණදීමට සිදුවන බවයි.

ආණ්ඩුවක තිබෙන සැබෑ සාර්ථකත්වය යනු අභියෝග තුළින් ගමන් කිරීම බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.