
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුරකතන 04ක් භාවිත කරමින් ඔබගේ වට්ස්ඇප්(WhatsApp) ගිණුමට සම්බන්ධවීමේ පහසුකම Meta හඳුන්වාදී ඇත. මෙම පහසුකම දිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇත. Meta සමාගම පවසන්නේ මින් ඉදිරියට එකම වට්ස්ඇප් ගිණුමකට උපරිම දුරකතන 04කින් ලොග් වීමේ පහසුකම පවතින බවයි.
ස්මාර්ට් ෆෝන් කිහිපයක් භාවිත කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීන(Update) කිරීම
සිදු කර ඇත. වට්ස්ඇප් පරිශීලකයන් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත මෙම යාවත්කාලීන කිරීම සිදු කළ බවයි Meta සමාගම සඳහන් කර තිබේ.
ඔබගේ ගිණුමට නව උපාංගයක් සම්බන්ධ කිරීමට ඔබට WhatApp QR කේතයක් ස්කෑන් කිරීමට අවශ්‍ය වනු ඇත. එබැවින් WhatsApp වෙබ්, WhatsApp ඩෙස්ක්ටොප්, WhatsApp Android ටැබ්ලට්, WhatsApp සහකාර දුරකථන, හෝ Ray-Ban Stories මත පමණක් QR කේත පරිලෝකනය කළ යුතුය.
මෙම නව පහසුකම භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මෘදුකාංග විශේෂඥයකු වන හරිත දහනායක සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart