
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රතු මුහුදේ ක්‍රියාත්මක ‘ප්‍රොස්පරිටි ගාඩියන්’ මෙහෙයුමට සහය දක්වමින් හූතිවරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා මුර යාත්‍රාවක් යොදවා ඇති බවට වන ප්‍රකාශය නිවැරදි නොවන බව තතුදත් ආරංචි මාර්ග ඔස්සේ ‘ද අයිලන්ඩ්’ වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් පසුගිය බදාදා කොළඹ දී පැවති පාත්ෆයින්ඩර් ඉන්දියන් සාගර ආරක්ෂක සමුළුවේදී ප්‍රකාශ කළේ රතු මුහුදේ හූති ත්රස්තයන්ට එරෙහි ‘ගාඩියන්’ මෙහෙයුමට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට අයත් නෞකාවක් පිටත්කර යවා ඇති බවයි.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද එක්සත් ජනපද වෙරළාරක්ෂක යාත්‍රා තුනෙන් එකක් රතු මුහුදේ මෙහෙයුමට සහය දැක්වීම සඳහා යොදවා ඇති බවට තානාපති ජූලි චුන්ග් කළ ප්‍රකාශය නිවැරදි නොවන බව මේ වනවිට වාර්තා වී තිබේ.
එක්සත් ජනපද තානාපතිනිය අදාළ ප්‍රකාශය සිදුකළ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නවදිල්ලියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාවට සම්බන්ධ ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත්තේ, අරාබි මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවලට බාධා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවුක නෞකා සයුර සහ ශ්‍රී ලංකා නාවුක නෞකා ගජබාහු යන යාත්‍රා දෙක විධිමත් ලෙස සති කිහිපයක් පුරා විශේෂ මෙහෙයුමකට යොදවා ඇති බවයි.
ලබා දී ඇති කාර්යය අවසන් වීමෙන් පසු, ගජබාහු යාත්‍රාව නැවත කොළඹට පැමිණ ඇති අතර සයුර නෞකාව විධිමත් ලෙස ආපසු පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
රතු මුහුදේ මිසයිල සහ ඩ්‍රෝන් මෙහෙයුම් පරිසරයක මුර යාත්‍රා යෙදවීමට ශ්‍රී ලංකාවට අවශ්‍යව නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.
යේමනය පදනම් කරගත් හූතිවරුන් විසින් රතු මුහුදේ නැව් ගමනාගමනයට එල්ල කරන වැඩෙන තර්ජනයට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය 2024 දෙසැම්බර් මාසයේදී සභාගයක් පිහිටුවා ගනු ලැබීය.
එක්සත් ජනපද තානාපති කාර්යාලය උපුටා දක්වමින් තානාපති චුන්ග් සමුළුවට ප්‍රකාශ කළේ රතු මුහුදේ, ඒඩන් බොක්ක සහ අරාබි මුහුදේ රටවල්12කට අධික නාවික යාත්‍රා බහුජාතික සන්ධානයකට ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ වී නාවික නිදහස ආරක්ෂා කිරීමට සහ ආරක්ෂාව සඳහා සහාය වූ බවයි.
ශ්‍රී ලංකාවට සිව්වැනි යාත්‍රාවක් පරිත්‍යාග කරන බවට එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා විසින් මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳව ද තානාපති චුන්ග් සඳහන් කළාය.
අරාබි මුහුදේ මත්ද්‍රව්‍ය මෙහෙයුම සඳහා යෙදවීම එක්සත් ජනපදය සහ එහි මිත්‍ර පාර්ශ්වයන් සම්බන්ධ ‘ප්‍රොස්පරිටි ගාඩියන්’ හා සම්බන්ධ වීමක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව පෙනෙන බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart