
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අරගලය’ සමයේ තමන් කළ ක්‍රියාකළ ආකාරය සාධාරණිකරණය කරමින් අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ අවධාරණය කළේ, ඔවුන්ගේ ක්‍රියාකලාපය නොවන්නට වත්මන් තත්ත්වය මීට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබූ බවයි.
අරගල සමයේ තමාට විවේචන සහ චෝදනා එල්ල වූ නමුත්, ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් තමාගේ වගකීම් ඉතා උනන්දුවෙන් ඉටුකළ බව ඔහු ප්‍රකාශ කළේය.
“අරගලය සමයේ මගේ හැසිරීම විවේචනය කරමින් ඕනෑම අයෙකුට ඇඟිල්ල දිගු කර මට චෝදනා කළ හැකියි. නමුත් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් එම කාලය තුළ මම මගේ රාජකාරිය උපරිමයෙන් ඉටු කළා. එහෙම නොවුණා නම් අද තත්ත්වය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණා, අපි එදා ක්‍රියාකළ ආකාරයට කටයුතු නොකළා නම්. එදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මම මගේ රාජකාරිය ඉටු කළේ රටේ ප්රජාතන්ත්රවාදය සහ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම පමණයි.” ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරීන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය පරිසරය සකස්කර දෙපාර්තුමේන්තුවේ පුළුල් පරිවර්තනයක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේ දී වැඩ භාරගනිමින් කියාසිටියේය.
“මගේ මූලික අරමුණ රට තුළ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමයි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ දැවැන්ත පරිවර්තනයක් සිදුකිරීමටත්, කනිෂ්ඨ මට්ටමේ දක්ෂ නිලධාරීන්ට නායකත්ව තනතුරුවලට පැමිණීමට අවස්ථාව උදාකිරීමටත් අදහස් කරනවා,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart