
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවක පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වීම සම්බන්ධයෙන්, ඇය අත්අඩංගුවට ගත් බව කියන වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.
එම ස්ථාන මාරු නිර්දේශයට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයගේද අනුමැතිය හිමිව ඇතැයි වාර්තා සඳහන් කරයි.
සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවයේ නියුතුව සිටියදී මුදුවක් සොරකම් කර ඇතැයි සැකපිට වැලිකඩ පොලිසිය විසින් 42 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මැයි 11 වැනිදාය.
අදාළ කාන්තාව පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය ප්‍රකාශ කර ඇත.
එහෙත් ආර්. රාජකුමාරි නම් අදාළ කාන්තාවගේ ඥාතීන් චෝදනා කර ඇත්තේ පොලිසිය සිදුකළ පහරදීම් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් පොලිසිය පාර්ශ්වයෙන් පරස්පර අදහස් ප්‍රකාශවී ඇති බව මේ වන විට අධිකරණයේදී අනාවරණය වී ඇත.
මෙම සිදුවීමේ අභිරහස්භාවය තවත් වැඩි කරමින් ඇය අත්අඩංගුවට ගත් බවට කිසිදු වාර්තාවක් පොලිසිය සතුව නොමැති බව හෙළිවී තිබේ. එනම් ඇය අත්අඩංගුවට ගත් බවට පොලිස් ලේඛනවල සටහන්ව නොමැත.
මේ වන විටත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ පොලිස් නිලධාරීන් සිව්දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
මියගිය තැනැත්තිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා ඇත්තේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ සිරුර ගොඩ ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart