
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට නැවතත් 2022 වසරේ පැවති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණදෙනු ඇතැයි ඇතැම් පාර්ශවයන් මත පළකළද, එවැනි තත්ත්වයක් කිසිසේත්ම නැවත ඇතිවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මතුව ඇති වත්මන් දුෂ්කරතා බාහිර අර්බුදයක් වන අතර, එය සාර්ථකව කළමනාකරණය කිරීමේ ශක්තිය සහ හැකියාව රජය සතු බවයි.
ජනතාව වත්මන් ආණ්ඩුවටට ජනවරමක් ලබාදුන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, ජාතිවාදය පිටුදැකීම, දූෂිතයන්ට දඬුවම් කිරීම, සියලු පුරවැසියන්ට නීතිය සමානව ක්‍රියාත්මක කිරීම සහ දේශපාලනඥයන් භුක්ති විඳින අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීම වැනි අපේක්ෂාවන් පෙරදැරිව බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා රජය මේ වන විටත් සැලකිය යුතු වැඩකොටසක් නිමකර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
සෑම කෙනෙකුටම නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීමේ වගකීම තම ආණ්ඩුව පැහැරහැරිය හොත්, වෙනත් කිසිදු පාලනයකට එය ඉටුකිරීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය. අද වන විට බලය, ධනය හෝ සමාජ තත්ත්වය නොතකා නීතිය සැමට සමානව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, විශ්‍රාම වැටුප් ඇතුළු දේශපාලනඥයන් භුක්ති විඳි අධික වරප්‍රසාද අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවත්, දේශපාලනඥයන් ජනතාවට සේවය කරන පිරිසක් බවට පත් කරන බවත් ජනාධිපති දිසානායක වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ ඊයේ (22) පෙරවරුවේ නින්තාවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
1999 වසරේදී ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 2014 වසරේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් දිගු කලක් තිස්සේ පැවති ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සහ දිස්ත්‍රික්කයේ පොහොසත් සංස්කෘතික උරුමයන් අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින්, වසර 24කට පමණ පසු මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු මෙලෙස නැවත ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart