
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්ථාපිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාකර ඇති බවත්, දිත්වා සුළි කුණාටුවට පෙර නියමිත පරිදි අනතුරු ඇඟවීම් සහ පූර්ව දැනුම්දීම් සිදුකළ බවත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පවසයි.
එම සංගමයට අනුව, මෙම සන්නිවේදන කාර්යයන් හේතුවෙන් නාවික සහ ධීවර ප්‍රජාවට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගැනීමට සහ කුණාටුව හමුවේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබී තිබේ.
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය මෙම අදහස් පළකර ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිට්වා සුළි කුණාටුව පිළිබඳ නිකුත් කළ අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් නොවූ බවට එල්ල වූ විවේචනවලන් අනතුරුවය.
නිරීක්ෂණ දත්තවලට අනුව “දිත්වා ” සුළි කුණාටුව පැය 12 කට අඩු කාලයකදී අඩු පීඩන තවතයක් සිට කුණාටු පද්ධතියක් දක්වා තීව්ර වූ බවත් එය ප්‍රධාන ගැටළුවලින් එකක් බවත් එම සංගමය පෙන්වාදී තිබේ.
එමෙන්ම ඔවුන් පවසා ඇත්තේ, ගෝලීය උණුසුම නිසා, වෙනස්වන වායුගෝලීය ගතිකතාවන් හේතුවෙන් විවිධ සාගර කලාපවල සුළි සුළං පද්ධති වේගයෙන් තීව්රවීම බහුලව දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යාඥයන් තහවුරු කර ඇති බවයි.
ආන්තික හා අවිනිශ්චිත කාලගුණික සිදුවීම්වලදී වඩාත් නිවැරදි අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා වත්මන් අනතුරු ඇඟවීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද සංගමය අවධාරණය කරයි.
එමෙන්ම එම සංගමය පවසා ඇත්තේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමේ පද්ධතිය තුළ පවතින සීමාවන් දැනට සමාලෝචනයට ලක්වෙමින් පවතින බවයි.
නොවැම්බර් 13 වැනි දිනට පෙර දිත්වා සුළි කුණාටුවේ ආරම්භක වර්ධනය පිළිබඳව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනාවැකියක් නිකුත් කළ බවට වන ප්‍රකාශ ද එම සංගමය ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart