
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 ජනාධිපතිවරණ ප්රචාරක සමයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂවරයා මාර්ගයෙන් මෙම වරෙන්තුව නිකුත් කරන ලෙස නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය, එය වහාම ක්රියාත්මක කිරීමට අවශ්ය සියලු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම අද දින අධිකරණය හමුවේ පෙනීසිටි අනෙක් විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව 2015 ජනාධිපතිවරණ සමයේ එවකට ජනාධිපති අපේක්ෂක මෛත්රීපාල සිරිසේනට සහාය පළ කරමින් කහවත්ත ප්රදේශයේ පැවැත්වූ මැතිවරණ ප්රචාරක රැලියකදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ප්රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට රත්නපුර මහාධිකරණය මීට පෙර මරණ දඬුවම නියම කර තිබිණි.
කෙසේවෙතත්, අභියාචනාධිකරණය පසුව එම තීන්දුව බලරහිත කරමින් විත්තිකරුවන් තිදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.
අභියාචනාධිකරණයේ එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අගතියට පත් පාර්ශවය විසින් පසුව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන ලදී.
ශ්රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 4 වැනිදා අභියාචනා විභාගය අවසන් කළ අතර, අද දින අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස විත්තිකරුවන් තිදෙනාටම නොතීසි නිකුත් කළේය.
කෙසේවෙතත්, ප්රේමලාල් ජයසේකර අධිකරණයේ පෙනීනොසිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ හිටපු රාජ්ය අමාත්යවරයා විදේශගතව සිටින බවයි.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව අග්රවිනිශ්චයකාර ප්රීති පද්මන් සුරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම විවෘත වරෙන්තුව නිකුත් කිරීමට නියෝග කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart