October 21, 2026

සැකකාර රැඳවියකු වෙනුවෙන් රැගෙන ගිය කලිසමක සඟවා තිබූ මිලිග්‍රෑම් 130ක අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් බදුල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර අංශයේ රැඳවියන් බැලීමට පැමිණෙන්නන් පරීක්ෂා කරන ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් අතරතුරදී මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සහ අත්අඩංගුවට ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සහ විමර්ශන සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.