
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන සිසුන්ගේ මෙන්ම මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව දරුවන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය පෙන්වා දී තිබේ.
කැනඩාවේ උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව ගිය 19 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු එරටදී ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඝාතනය කර, එම පවුලේ පියාට බරපතළ තුවාල සිදු කරමින් කළ ක්‍රියාව සැකකරුගේ මානසික සෞඛ්‍යය පිළිබඳ බොහෝ කතාබහට තුඩු දී ඇත.
මෙවන් පසුබිමක අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන සිසුන්ගේ ශරීර සෞඛ්‍යය ඇගයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද ඔවුන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඇගයීමක් සිදු නොවන බව දරුවන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න ප්‍රකාශ කළාය.
“බොහෝ විට ලංකාවේ දරුවන් යැපෙන්නේ මව්පියන් මතයි.එවැනි දරුවකුට උසස් අධ්‍යාපනය සඳහා පිටරට ගොස් තනිව ජීවත් වීමට සිදු වූ විට මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමට වැඩි ඉඩක් තිබෙනවා.ඒ නිසා ඔවුන් විදේශගත වීමට පෙර සහ පසු ඔවුන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. පවතින ආර්ථික හා සමාජීය තත්ත්වය තුළ විදේශගත වන සිසුන් පමණක් නෙවෙයි මෙරට පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් ද දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
“ඉතා සංකීර්ණ විෂය මාලාවක් යටතේ පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සිදුවී තිබෙනවා. ඔවුන්ගේ නිවෙස්වල ආර්ථික දුෂ්කරතා රැසක් තිබෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය පහසුකම් නැහැ, අධ්‍යයන කාලය තුළ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට ක්‍රමයක් නැහැ. උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු රැකියාවක් කිරීමත් ඉතා දුෂ්කරයි. මේ සියලු හේතු නිසා රටේ සිසුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටිනවා. ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැනතක්සේරු කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි.” යනුවෙන් රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න ප්‍රකාශ කළාය.
කැනඩාවේ දී ඝාතන සිදුකළ ශ්‍රී ලාංකික සිසුවා මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන්නක් විය හැකි බවට කැනඩාවෙන් ලැබෙන තහවුරු නොකළ ප්රවෘත්ති වාර්තා සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart