
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් බොළඳ නොවී, පරිණත ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේය.
සත්‍ය සෙවීමට කැපවී කටයුතු කිරීමට හැකියාවක් ඇති අය කථානායකවරයා විසින් කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇති බවද ඔහු පැවසීය.
““මෙවැනි තේරීම් කාරක සභාවක් දේශපාලන න්‍යාය පත්‍ර මත ක්‍රියා කළහොත් එයින් රටට හෝ ජනතාවට කිසිදු යහපතක් සිදුවන්නේ නැහැ. රට බංකොලොත් වීමට හේතු පිළිබඳව විවිධ මත තිබෙනවා. එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම කමිටුව පත් කර තිබෙනවා. සියලුම වගකිවයුතු පාර්ශව කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කර ජනතාවට සත්‍ය හෙළි කිරීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට යුතුකමක් හා වගකීමක් තිබෙනවා.” යැයි මහලේකම්වරයා සඳහන් කළේය.
කාරක සභාව සම්බන්ධ යම් ප්‍රශ්නයක් ඇත්නම් එය කාරක සභාව තුළ විසඳා ගත යුතු බවත් විපක්ෂය නොමේරූ ලෙස ක්‍රියා නොකළ යුතු බවත් ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ යුතු බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart