
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින නියමයක් නොමැතිව කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සංවිධානය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත.
අදාළ විශ්වාසභංග යෝජනාව ලබන 20 වැනි අඟහරුවාදා දිනයේදී විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කර තිබිණි.
යෝජනාවේ කරුණු 50ක් තරම් විශාල සංඛ්යාවක් අන්තර්ගත වන බැවින්, ඒ සඳහා එක් දිනක විවාදයක් කිසිසේත්ම ප්රමාණවත් නොවන බව විපක්ෂ නියෝජිතයෝ පෙන්වාදී ඇත.
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ තාක්ෂණික ගැටලු කිහිපයක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නීති උපදෙස් ලබාගත යුතුව ඇති බවත් ආණ්ඩු පක්ෂය මෙහිදී ප්රකාශ කර තිබේ.
නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට යම් කාලයක් ගතවන බැවින්, එළඹෙන පාර්ලිමේන්තු සතිය තුළ මෙම විවාදය පැවැත්වීමට නොහැකි වන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
අදාළ නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා නිශ්චිත දිනය පිළිබඳව ඉදිරියේදී තීරණය කරනු ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart