
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෙබනනයේ වසර 42කට වැඩි කාලයක් ජීවත් වූ බවට සැලකෙන, ශ්රී ලාංකිකයෙකු යැයි විශ්වාස කෙරෙන මියගිය කාන්තාවකගේ අනන්යතාව තහවුරු කර ගැනීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය මහජන සහාය ඉල්ලා සිටියි.
එම අමාත්යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම කාන්තාව ‘රාණි ශ්රී ලංකා’ (Rani Sri Lanki) යන නමින් හඳුනාගෙන තිබේ.
ඇයගේ අනන්යතාව තහවුරු කර ගැනීමට හෝ ඇයගේ පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සොයා ගැනීමට උපකාරී වන තොරතුරු දන්නා අය වෙතොත්, ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස අමාත්යාංශය ඉල්ලා සිටියි.
බත්තරමුල්ල, ‘සුහුරුපාය’ ගොඩනැගිල්ලේ 16 වන මහලේ පිහිටි අමාත්යාංශයේ කොන්සල් කටයුතු අංශය වෙත මෙම තොරතුරු ලබා දිය හැකිය.
එසේම, 011 227 5525 යන ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ consular@mfa.gov.lk යන විද්යුත් තැපැල් ලිපිනය හරහා අමාත්යාංශය හා සම්බන්ධ විය හැකිය.
මෙම නිවේදනය නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත අදාළ තොරතුරු ලබා දෙන ලෙස අමාත්යාංශය ඉල්ලා සිටින අතර, ලැබෙන සියලුම තොරතුරු දැඩි රහස්යභාවයකින් යුතුව ආරක්ෂා කරනු ලබන බව ද අමාත්යංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart