
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින වියළි, අසාමාන්‍ය ලෙස උෂ්ණාධික කාලගුණය සහ අධික ආර්ද්‍රතාව හේතුවෙන් මෙරට ජල පරිභෝජනය පසුගිය සති කිහිපය තුළ සියයට 15කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මේ හේතුවෙන් උස් බිම්වල වෙසෙන නල ජල පාරිභෝගිකයන්ට සහ ජල ව්‍යාපෘතිවලින් පිටත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අඩු ජල පීඩනයක් අත්විඳීමට සිදුවිය හැකි බවයි.
කිසිදු ප්‍රදේශයක ජල කප්පාදුවක් සිදු කර නොමැති නමුත් පානීය නල ජල මූලාශ්‍ර ලෙස භාවිත කරන ගංගාවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට පෙර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි කියා සිටියේ මැයි මාසය දක්වා සැළකිව යුතු වර්ෂාපතනයක් නොලැබෙන බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති අතර එබැවින් මණ්ඩලය ජලය කළමනාකරණය කළ යුතු බවයි.
සති නවයක පමණ කාලයක සිට රට තුළ වියළි කාලගුණයක් පවතින බවත්, ගංගාවල සහ ජලාශවල ජල මට්ටම පහත බැස ඇති බවත්, බෙදා හැරීමට ගන්නා ජල ප්‍රමාණයට බලපෑම් එල්ල වී ඇති බවත් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart