February 2, 2026

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ සිසුන් අටදෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

බඹර ප්‍රහාරයට ලක්වූවන් අතර සිසුන් හයදෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු සිටින බව විශ්වවිද්‍යාලයන් ජනමාධ්‍යය සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පවසා ඇත.

එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිරිපස ගලහ හන්දිය ආසන්නයේ කිරි අලෙවිසල අසලදී මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශය අවට බඹර වඳයක් දර්ශනය නොවන බැවින් අවට බඹර වඳයක් ඇත්නම් එය ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය කටයුතු කරමින් සිටින බව විශ්වවිද්‍යාල ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.