
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ජාතික රෝහලෙන් නිදහස් කිරීමට වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (06) සවස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතය.
සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් 10 දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායම ඉදිරිපත් කළ වාර්තාව මගින් ඔහුව රෝහලෙන් නිදහස් කිරීමට නිර්දේශ කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම්දුන්නේය. රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු ඔහුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන අතර, සිද්ධිය සම්බන්ධ විමර්ශන නැවත ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
විශ්‍රාමික මේජර් ජෙනරාල් සලේ ජූනි 07 වැනිදා සිට ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අනුබද්ධ හදිසි සත්කාර ඒකකයේ ඇතුළුව ප්‍රතිකාර ලබමින් සිටියේය.
නවදෙනෙකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් විසින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක සඳහන් වූයේ සලේගේ හෘදය වස්තුව විශාල වී ඇති අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්‍ය උපකරණයක් සවිකර ඇති බවයි. එම උපකරණය සඳහා රුපියල් මිලියන 4 කට ආසන්න රාජ්‍ය මුදලක් වැයකර ඇති බව පැමිණිලි පාර්ශවය අධිකරණයට දැනුම්දුන්නේය.
සලේට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් 10 දෙනාට අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස අධිකරණය මීට පෙර නොතීසි නිකුත් කර තිබිණි.
අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නොතීසි නිකුත් කර තිබේ.
සලේගේ හෘද රෝග සහ මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින අතර, ඔහුගේ දන්ත අබාධ තත්ත්වය විසඳීමෙන් පසු රෝහලෙන් නිදහස් කළ හැකි බව ද අධිකරණයට දැනුම් දෙන ලදී.
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති සැකකරුවන් තිදෙනා අතර සලේද වේ.
පෙර නඩු වාරයකදී, අධිකරණ නියෝගයක් තිබියදීත් සලේගේ ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනවල මුරපද ලබා දී නොමැති බව පැමිණිලි පාර්ශවය අධිකරණය හමුවේ කරුණු දැක්වීය. කෙසේවෙතත්, හමුදා බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂක හේතූන් මත නිතර මුරපද වෙනස්කරන බව විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු ප්‍රකාශ කළහ.
සිද්ධිය සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 21 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart