
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ඕනෑම උද්භිද උද්‍යානයකට ඇතුළත් වීමේ ගාස්තු, දේශීය පුද්ගලයන්ට රුපියල් 100 සිට රුපියල් 200 දක්වාත් විදේශිකයන් සඳහා රුපියල් 3000 දක්වාත් ජූනි 01 වැනිදා සිට සංශෝධනය කරන බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
සංචාරක හා ඉඩම් ඇමැතිවරයා විසින් ඊයේ(22) අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන ලදී.
කෙසේ වෙතත්, උද්‍යාන තුළ ඇති නිවාසවල පදිංචිකරුවන්, නිල රාජකාරි සඳහා උද්‍යානවලට ඇතුළු වන රජයේ සේවකයන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නොමිලේ ඇතුළත් කරගන්නා පුද්ගලයන් මෙම ප්‍රවේශ ගාස්තුවෙන් නිදහස් කෙරේ.
ඒ අනුව වයස අවුරුදු දොළහට (12) වැඩි වැඩිහිටියන් සහ ළමුන් සඳහා ඇතුළත් වීමේ ගාස්තුවක් ලෙස රුපියල් 200ක් අය කෙරේ. වයස අවුරුදු දොළහට (12) අඩු ළමුන් සහ වයස අවුරුදු හැට (60) ඉක්මවූ වැඩිහිටියන් සඳහා රුපියල් 30ක් අය කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart