
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ගේ මංගල අයි.පි.එල්. තරගයේදි ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ හැකිවිය.
මේ හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2024 අයි.පි.එල්. තරඟාවලියේ ප්ලේ-ඕෆ් තරඟයෙන් ඉවතට ගිය පළමු කණ්ඩායම බවට පත්විය.
ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් සහ අභිෂෙක් ෂර්මාගේ අනුකම්පා විරහිත සුපිරි පිතිකරණය හමුවේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රාබාද් කණ්ඩායම ලක්නව් කණ්ඩායම ලබා දුන් ලකුණු 165 ක ඉලක්කය පන්දුවාර 09යි පන්දු 04කදී පසුකර ගියේ ලකුණු 167ක පිතිකරණ සබඳතාවක් සමගිනි.
එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 16කදී අර්ධ ශතකය රැස්කළේ හතරේ සහ හයේ පහරවල් පමණක් එල්ල කරමින් වන අතර ඔහු තරගය අවසානයේ පන්දු 30කදී නොදැවි ලකුණු 89ක් රැස්කිරීමට සමත්විය.
ඊට නොදෙවෙනි පිතිකරණයක නිරත වූ අභිෂෙක් ෂර්මා පන්දු 19කදී අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහුද පන්දු 28කදී ලකුණු 75ක් නොදැවි ලබා ගත්තේය.
ඔවුන් දෙදෙනා හයේ පහරවල් 14ක් සහ හතරේ පහරවල් 16ක් එල්ල කර තිබිණි.
ලක්නව් පිලට එරෙහිව අයි.පි.එල්. පිටියේ මංගල පන්දු යැවිම සිදුකළ විජයකාන්ත් වියස්කාන්ත් පන්දුවාර 04දි ලකුණු 27ක් පමණක් ලබාදුන් අතර ඔහු පන්දුකරණය පිළිබඳ විස්තර විචාරකයන් ඇගයීමටද ලක් කරනු දක්නට ලැබිණි.
ලක්නව් පිල පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවි ලකුණු 165ක් රැස්කර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart