
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න පවසයි.
විශ්වවිද්‍යාලයේ සිසුන් 36 දෙනෙකුට ඩෙංගු වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර, තවත් සිසුන් කිහිපදෙනෙකු වෛරස් උණ රෝගයකින් පෙළෙන බව වාර්තා වී ඇත. මේ හේතුවෙන් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග කල් දමා ඇති අතර, නේවාසිකාගාර ද වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. රාජගිරිය සහ දෙහිවල ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාල ප්‍රධාන නේවාසිකාගාර දෙක අවට පරිශ්‍රයන්හි ද ඩෙංගු ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බව බලධාරීන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ලබන ජූලි 13 වැනිදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart