
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය චෝදනා කරමින් තම කීර්තිනාමයට හානි කළැයි රුපියල් කෝටි 200ක් ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකට එරෙහිව හිටපු අමාත්‍ය රවී කරුණානායක කඩුවෙල දිසා අධිකරණයේ පනවා තිබූ නඩුවේදී විමලවීර දිසානායක සමාව ගැනීමෙන් එම නඩුව සමථයට පත්කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. විරතුංග කටයුතු කළාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මස 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සීනි තොග රැස්කරමින් අකටයුත්තක් සිදුකරන බවත් එය හිටපු හිටපුඅමාත්‍යවරයකුට නොගැළපෙන බවත් පවසමින් කරුණු දක්වා ඇති බවත් ඒ මගින් තම කීර්තිනාමයට කැළලක් සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් කෝටි 200ක වන්දියක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රවී කරුණානායක කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පවරා තිබිණි.
ඒ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් අධිකරණයේදී සමාව ගැනීමත්, ඒ සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක එකගතාව පළකිරීමත් නිසා නඩුව සමථයට පත්කර අවසන් කිරීමට මෙහිදී අධිකරණය තීරණය කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart