
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa නමැති ප්‍රහාරක නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට ළඟා වී තිබේ. වසර දෙකක් ඇතුළත මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.
කොළඹ පිහිටි ඇමෙරිකානු තනාපති කාර්යාලය සඳහන් කළේ, ‘Independence-variant’ මාදිලියට අයත් මෙම ප්‍රහාරක නෞකාව ඉන්දු-පැසිෆික් කලාපයේ ඉදිරි මෙහෙයුම් සඳහා පිටත්ව යාමට පෙර කොළඹ වරායේදී ඉන්ධන සහ අවශ්‍ය සැපයුම් ලබාගැනීමට නියමිත බවයි. මීට පෙර ‘USS Tulsa’ නෞකාව 2025 වසරේ අගෝස්තු මාසයේදීද කොළඹ වරායට පැමිණ තිබිණි.
මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් සඳහන් කළේ, ඇමෙරිකානු නාවික නෞකාවල මෙවැනි පැමිණීම් දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, නාවිකයින් අතර සබඳතා වර්ධනය කිරීමටත් විශාල පිටුවහලක් වන බවයි.
මෙවැනි සංචාර මගින් දෙරට අතර විශ්වාසය ගොඩනැගෙන බවද ඔහු අවධාරණය කළේය.
ඉන්දු-පැසිෆික් කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව, මුහුදු තීරයේ බලය තහවුරු කිරීම සහ සහකාර රටවල් සමඟ එක්ව මෙහෙයුම් සිදුකිරීම සඳහා ‘USS Tulsa’ නෞකාව විශේෂයෙන් නිර්මාණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart