
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුප්‍රකට ටයිටැනික් නෞකාව ගිලී යාමේ ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් වඩාත් ප්‍රසිද්ධ මගීන්ගෙන් අයකුට අයත්ව තිබූ දියමන්ති මුදුවක් වෙන්දේසියකදී බ්‍රිතාන්‍ය පවුම් 150,000ක මුදලකට අලෙවි වී තිබේ.
1912 අප්‍රේල් 15 වැනි දින සිය මංගල ගමනේදී 1,500කට පමණ මරු කැඳවමින් ටයිටැනික් නෞකාව මුහුදුබත් වන අවස්ථාවේ ලුසී, ඩෆ් ගෝර්ඩන් ආර්යාව මෙම තනි දියමන්තියක් එබ්බවූ මුදුව පැළඳ සිටියාය.
ඇය සතුව තිබී නෞකාවත් සමඟ මුහුදුබත් නොවූ එකම වටිනා ස්වර්ණාභරණය මෙය විය. ඇගේ පවුලේ සාමාජිකයින් මෙය ‘ටයිටැනික් මුදුව’ ලෙස හැඳින්වූ අතර, එය ඇගේ විවාහ ගිවිස ගැනීමේ මුදුව වන්නට ඇතැයි විශ්වාස කෙරේ.
විල්ට්ෂයර් ප්‍රාන්තයේ ඩෙවයිසස් හි පිහිටි ‘හෙන්රි ඇල්ඩ්රිජ් ඇන්ඩ් සන්’ වෙන්දේසි ආයතනයේදී සෙනසුරාදා මෙම මුදුව වෙන්දේසි කෙරුණු අතර, එය ඉදිරිපත් කර තිබුණේ ඇයගෙන් පැවත එන සෘජු පරම්පරාවේ සාමාජිකයකු විසිනි. වෙන්දේසියේදී පවුම් 80,000ක් දක්වා මිලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කළද, එම ඇස්තමේන්තු ඉක්මවා යමින් ඉහළ මිලකට එය අලෙවි විය.
“ටයිටැනික් නෞකාවෙන් දිවි ගලවා ගත් අයකුට සම්බන්ධ ස්වර්ණාභරණයක් වෙළෙඳපොළට පැමිණීම අතිශයින්ම දුර්ලභ කරුණක් වන නමුත්, එවැනි ඉහළ පෙළේ මගියකුගේ මෙවැනි පෞද්ගලික භාණ්ඩයක් සෘජු පරම්පරාව හරහා වෙන්දේසියේදී අලෙවි වීම පෙර නොවූ විරූ සිදුවීමක්,” යැයි හෙන්රි ඇල්ඩ්රිජ් ඇන්ඩ් සන් ආයතනයේ ඇන්ඩෲ ඇල්ඩ්රිජ් පැවසීය.
මෙම මුදුව ඩෆ් ගෝර්ඩන් ආර්යාවගේ මුණුපුරා වන, බ්‍රිතාන්‍ය ස්වාධීන සාමි මන්ත්‍රීවරයකු සහ විද්‍යාඥයකු වූ හෝල්ස්බරි හි තුන්වැනි අර්ල්වරයා වන ජෝන් වෙත ලබා දී තිබිණි.
ඔහුගේ අභාවයෙන් පසුවද එය පවුල තුළම සුරැකිව තබා ගත් අතර, එදා සිට ඉතා වටිනා වස්තුවක් ලෙස ආරක්ෂා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart