
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා වෙනුවෙන් නීතිමය සහන සැලසීමේ උත්සාහය රජය විසින් වේගවත් කර තිබේ.
ඒ අනුව ඔහු වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සඳහා මෙරට නීතිඥ කණ්ඩායමක් මේ වන විටත් එරටට ගොස් කටයුතු සූදානම් කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම අභියාචනය ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති අවසාන දිනය ඔක්තෝබර් 17 වන දා වන අතර, සෞදි නීතිඥ සමාගමක උපදෙස් හා සහාය ඇතිව අදාළ අභියාචනය නියමිත දිනට පෙර ගොනු කිරීමට නීතිඥ කණ්ඩායම අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික නීති විශේෂඥයින් සහ සෞදි නීති උපදේශකයින් එක්ව මෙම අභියාචනය සකස් කරමින් සිටින බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව සිවරාසා වෙත අවශ්‍ය නීතිමය සහ කොන්සියුලර් සහාය ලබා දීමට සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම අධිකරණ ක්‍රියාදාමය අවසන් වීමෙන් අනතුරුව, සිවරාසාට සමාව දීම හෝ දඬුවම් ලිහිල් කිරීම අරමුණු කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය විජිත හේරත් මෙහිදී අනාවරණය කළේය. නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන අතරතුර රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සඳහා සෞදි බලධාරීන්ගේ යහපත් ප්‍රතිචාරයක් හිමි නොවන බව සාකච්ඡා අතරතුරදී දැනුම් දී ඇති අතර, යම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන්නේ නම් එය අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව සිදු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර අනෝජන් සිවරාසා මෑතකදී බන්ධනාගාරය තුළදී පහරදීමකට ලක්වූ බවට පළවූ වාර්තා පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කළේය. එම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඔක්තෝබර් 06 වනදා අදාළ බන්ධනාගාරය වෙත ගොස් එහි ප්‍රධානියා සහ බන්ධනාගාර වෛද්‍යවරයා හමුවී තිබේ.
සෞදි බන්ධනාගාර බලධාරීන් විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී ඇති තොරතුරුවලට අනුව, සිවරාසා සහ ඔහු සමඟ එකම සිර මැදිරියේ සිටි වෙනත් රැඳවියෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් පහරදීමක් දක්වා වර්ධනය වී ඇත.
එහිදී සිවරාසාගේ මුහුණට නියපහර වැදීමෙන් සුළු තුවාල සිදුව ඇති බවත්, එම පහරදීම සඳහා කිසිදු පිහියක්, මුවහත් ආයුධයක් හෝ වෙනත් ආයුධයක් භාවිත කර නොමැති බවත් බන්ධනාගාර බලධාරීන් සහ වෛද්‍යවරයා විසින් ශ්‍රී ලාංකික නිලධාරීන්ට දැනුම් දී ඇති බව අමාත්‍ය විජිත හේරත් පැවසීය.
කෙසේවෙතත්, එම නිරීක්ෂණ චාරිකාව අතරතුරදී සිවරාසා හමුවීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට අවසර හිමි නොවූ බවත්, ඔහුගේ තුවාල පිළිබඳ මෙම තොරතුරු ලබා දී ඇත්තේ සෞදි බලධාරීන් විසින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
මේ වන විට සිවරාසාගේ ජීවිතයට කිසිදු තර්ජනයක් නොමැති බවට බන්ධනාගාර බලධාරීන් ශ්‍රී ලංකා නිලධාරීන්ට සහතික වී ඇති අතර, ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම සිවරාසා වෙනත් සිර මැදිරියක් වෙත මාරු කර යැවීමටද පියවර ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart