
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රකට නළු සහ දේශපාලනඥ ජෝශප් විජේගේ පුත් ජේසන් සංජේ, තමන්ගේ පවුලේ ශ්‍රී ලාංකික මුල් සහ යාපනය සමඟ ඇති සබඳතාව පිළිබඳව අදහස් දක්වා තිබේ.
සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජේසන් පවසා සිටියේ තම මව උතුරු ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ අයකු වන අතර, පසුව ඇගේ පවුල විදේශගත වීමට පෙර ඇය හැදී වැඩුණේ එහි බවයි.
“මගේ අම්මා යාපනයේ, ඒ කියන්නේ උතුරු ශ්‍රී ලංකාවේ. ඇය ඉපදුණෙත්, හැදී වැඩුණෙත් එහෙ. පස්සේ තමයි ඔවුන් විදේශයන්හි පදිංචි වුණේ” යැයි ඔහු පැවසීය.
තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට, සිය සීයාට අයත්ව තිබූ එක් දේපලක් තවමත් තම පවුලේ අතීතය සමඟ ඇති වැදගත් සබඳතාවක් ලෙස පවතින බව ජේසන් සඳහන් කළේය.
එමෙන්ම, තමන්ගේ Sigma ව්‍යාපෘතිය සඳහා රූපගත කිරීම් සිදුකිරීමට ශ්‍රී ලංකාව යොදාගැනීමට අදහස් කර තිබූ බවත්, ඒ සඳහා අවශ්‍ය ස්ථාන නිරීක්ෂණය කිරීමට (location scouting) තම කණ්ඩායම ලංකාවට පැමිණි බවත් ඔහු හෙළිකළේය. කෙසේවෙතත්, එම සැලසුම් සාර්ථක වී නොමැත.
කෙසේවෙතත්, අනාගතයේදී ශ්‍රී ලංකාවේ රූපගත කිරීම් සිදු කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය ලෝකයට පෙන්වීමටත් තමන් බලාපොරොත්තු වන බව ජේසන් වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart