April 21, 2026

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘සාමයේ පාගමන’ සඳහා සහභාගී වීමට වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හත්නමක් අද (21) උදෑසන දිවයිනට පැමිණ ඇත.

නියෝජිත පිරිස සමඟ ‘ආලෝක’ සුනඛයා ද පැමිණ තිබේ.

අන්තර්ජාතිකව කීර්තිමත් ‘සාමයේ පාගමන’ වැඩසටහන අද(21) සිට අප්‍රේල් 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතය.

පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් මහා සංඝරත්නය සමඟ පාගමන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් පූජනීය බෝධි අංකුරයක් රැගෙන යනු ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදා සහ පොලිසිය මෙන්ම ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් සාම පාගමන සඳහා සහයෝගය ලබාදෙයි.

මෙම පාගමන අතරතුර, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් මෙන්ම සාම්ප්‍රදායික අත්කම් සහ සංස්කෘතික අංග මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ.