May 19, 2026

මේ වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරටට වාහන 178,000ක් ආනයනය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අනාවරණ කළේය.

ඊට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ද ඇතුළත් බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.

බාහිර තත්ත්වයන් හේතුවෙන් ආනයන සීමා කිරීම සඳහා මාස තුනකට වාහන ආනයනය සඳහා රේගු බද්දෙන් සියයට 50ක අධිභාරයක් පැනවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වාහන ආනයනය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.