
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස කිහිපය තුළ ආනයන ඉහළ යෑමෙන් පසු නව වාහන මිලදීගැනීම් සඳහා ඇති ඉල්ලුම මන්දගාමී වී ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.
වාහන ආනයනය සඳහා පනවා තිබූ දිගුකාලීන සීමාවන්ගෙන් පසු වාහන සඳහා මෙරට තුළ පැවැති දැඩි ඉල්ලුම සපුරාලීම සඳහා ආනයනය කෙරුණු වාහන සංඛ්‍යාව ඉහළ යෑම හමුවේ මෙම තත්වය උද්ගත වී ඇති බවත්, ආනයන්ක සීමා ලිහිල් කිරීමත් සමග පැවැති දැඩි ඉල්ලුම මේ වනවිට අඩුවී ඇති බවත් ඔවුහු පැවසති.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෑත මාසවලදී ආනයන පරිමාවන් සැලකිය යුතු ලෙස ඉහළ ගියද, ආරම්භක ඉල්ලුම බොහෝ දුරට සපුරා ඇති බැවින් වෙළඳපොළේ වාහන සඳහා පවතින ඉල්ලුම අඩුවීමක් පෙන්නුම් කරන බවයි.
කෙසේවෙතත්, ඉල්ලුම මන්දගාමී වීමත් සමඟ, ඇතැම් නව වාහන ආනයන සමාගම් නව ගැනුම්කරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රවර්ධන ව්‍යාපාර දියත් කර ඇති බව ද වාර්තා වේ.
වර්තමානයේ වාහන වෙළඳපොළේ පවතින ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් නව වාහන රටට ලැබෙමින් පවතින අතර අලෙවිසැල් නව මාදිලිවලින් පිරී ඇතැයි ද ප්‍රසාද් මානගේ පවසයි.
එමෙන්ම ප්‍රසාද් මානගේ පෙන්වාදෙන්නේ, අලුතින් ආනයනය කරන ලද වාහන දින 90කට වඩා අලෙවි නොවී පවතින්නේ නම්, CIF (පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය) වටිනාකමෙන් සියයට තුනක දඩයක් රජයට ගෙවිය යුතු බවයි.
එම පිරිවැය වාහන ආනයනකරු විසින් දැරිය යුතු අතර එය ගැනුම්කරුට බලපෑමක් එල්ල නොකරයි.
රජයේ වාර්තාවලට අනුව, 2025 මුල් භාගයේදී වාහන ආනයන තහනම ඉවත්කිරීමෙන් පසු, ශ්‍රී ලංකාව වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1 කට වඩා වියදම් කර ඇත.
ශ්‍රී ලංකා රේගුවට අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජුනි දක්වා කාලය තුළ රථවාහන 50,000 කට ආසන්න ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කර ඇති අතර, ඉන් 14,047 ක් මෝටර් රථ බව මුදල් අමාත්‍යාංශයේ දත්ත අනාවරණය කරයි.
පෞපුද්ගලික සහ වාණිජ වාහන යන දෙකම ඇතුළුව වාහන ආනයනය 2025 අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 249 ක් වූ අතර, එමඟින් වසරේ මුල් මාස අට තුළ මුළු වාහන ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 918 ක් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart