
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පකිස්තානයේ Besham ප්‍රදේශයේදී චීන ජාතික ඉංජිනේරුවන් පිරිසක් ගමන් කරමින් තිබූ ට්‍රක් රථයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.
මේවනවිට සිදු කර ඇති මූලික විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ අදාළ චීන ජාතිකයින් පිරිස රැගෙන ගිය බස් රථය වෙඩි නොවදින හෝ බෝම්බවලට ඔරොත්තු නොදෙන එකක් නොවන බවයි.
එම බස් රථ තුළ තිබී ඇත්තේ ආරක්ෂිත කැමරා පද්ධතියක් පමණක් බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
පකිස්තානයේ සිටින චීන වැසියන් ඉලක්ක කර ත්‍රස්ත කණ්ඩායම් විසින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටි පසුබිමක් තුළ ඔවුන් තවදුරටත් අනාරක්ෂිතව ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පකිස්තානයට චෝදනා එල්ල වෙමින් ඇත.
චීනය විසින් පකිස්තානය තුළ ව්‍යාපෘති සිදු කිරීම සම්බන්ධයෙන් පකිස්තානයේ ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් එල්ල කරන්නේ දැඩි විරෝධයකි.
ඒ අනුව එම ත්‍රස්ත කණ්ඩායම් දිගින් දිගටම පකිස්තානයේ සිටින චීන වැසියන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර්මින් සිටියි.
ඉකුත්දා පකිස්තානයේ Besham හිදී එල්ල වූ ප්‍රහාරයෙන් චීන ජාතික ඉංජිනේරුවන් 05 දෙනෙකු සහ පකිස්තාන ජාතිකයෙකු මිය ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart