November 2, 2026

ආපදා පසුකාලීන හදිසි ප්‍රතිසංස්කරණ ආධාර වැඩසටහන යටතේ මෙරට විනාශ වූ පාලම් 9ක් මාස 18ක් ඇතුළත නැවත ඉදිකර දීමට පියවර ගන්නා බව චීනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉහළ ප්‍රමිතියකින් සහ ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම පාලම් 9 හි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කරන බවයි.

චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම හදිසි ආපදා පසුපස පුනරුත්ථාපන ව්‍යාපෘතියේ පළමු පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව තානාපති කාර්යාලය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ආර්ථික සංවර්ධනය සඳහා මාර්ග සහ පාලම්වල ඇති වැදගත්කම පෙන්වා දෙන තානාපති කාර්යාලය, මෙම පාලම් නැවත ඉදිකිරීම මගින් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවගේ ගමනාගමන සබඳතා නැවත තහවුරු කිරීමට උපකාරී වන බව ද සඳහන් කරයි.

එමෙන්ම, මෙම පාලම් ප්‍රතිසංස්කරණය කිරීම මගින් රටේ ආර්ථික කටයුතුවල පැවැත්ම සහ ශක්තිමත්භාවය තහවුරු වන අතරම, ශ්‍රී ලාංකික ජනතාවට ඉන් සෘජු හා ප්‍රායෝගික ප්‍රතිලාභ රැසක් හිමිවන බව ද එහි දැක්වේ.

මෙම ව්‍යාපෘතිය දෙරට අතර පවතින සිරගත ඓතිහාසික මිත්‍රත්වයේ සංකේතයක් ලෙස හඳුන්වන චීන තානාපති කාර්යාලය, ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය කැපවී සිටින බව ද නැවත අවධාරණය කළේය.