November 2, 2026

හම්බේගමුව, මාව්ආර ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී, අක්කර දෙකක පමණ භූමි භාගයක වගා කර තිබූ ගංජා පැල 36,710ක් විනාශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුව, යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත මොණරාගල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෙම වැටළීමේදී අඩි 6ත් 8ත් අතර උසකින් යුත් ගංජා පැල සොයාගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.

අදාළ ගංජා පැල 36,710ම ගලවා ඉවත් කර, එම ස්ථානයේදීම ගිනිතබා විනාශ කළ බව යුද්ධ හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හම්බේගමුව පොලිසිය වෙත භාර දී ඇත.