
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ජාතික ශානා සැම්සොනොවා නමැති 39 හැවිරිදි කාන්තාව විසින් සම්පූර්ණයෙන්ම අමු සහ නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කරමින් වසර ගණනාවක් ආහාර පාලනය කිරීම නිසා ‘කුසගින්නේ’ මිය ගොස් ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය වේදිකාවල Zhanna D’Art යන නමින් වැඩසටහන් පවත්වාගෙන යන ඇය, අග්නිදිග ආසියාවේ සංචාරයක් අතරතුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටියදී පසුගිය ජූලි 21 වැනිදා මිය ගොස් ඇත.
ඇය නිතරම සමාජ මාධ්‍යවල අමු සහ නිර්මාංශ ආහාර ප්‍රවර්ධනය කර ඇති අතර, අවම වශයෙන් වසර හතරක් පුරා සම්පූර්ණයෙන්ම මෙවැනි ආහාර වේලක් අනුගමනය කර තිබේ.
ඇය ජීවත් වී ඇත්තේ, පළතුරු, සූරියකාන්ත බීජ සහ පළතුරු යුෂ පමණක් අනුභව කිරීමෙනි.
ඇය සිය නිර්මාංශ ආහාර වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවටද පැමිණ තිබේ.
තම දියණිය මරණයට පත් වී ඇත්තේ, කොලරා වැනි ආසාදනයක් නිසා බව ඇයගේ මව සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඇයගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart