
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩුවේ ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයේ පම්බාර් වේල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලාංකික දෙමළ පුනරුත්ථාපන කඳවුරේ ඉන්දීය රුපියල් කෝටි 8.52ක වියදමින් අභිනවයෙන් ඉදිකරන ලද නිවාස 148ක් තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ විසින් විවෘත කරන කළේය. චෙන්නායි මහලේකම් කාර්යාලයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු මෙම නිවාස ජනතා අයිතියට පත් කළේය.
නිල නිවේදනයකට අනුව, ප්‍රාන්ත රජය විසින් මෙම නිවාස සඳහා මූලික පහසුකම් සැපයීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 1.37ක් වැය කර තිබේ. එමෙන්ම, කඳවුරුවල වෙසෙන පවුල් 19,710කට අයත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 56,638 දෙනෙකු වෙනුවෙන් ඉහළ දැමූ මාසික මූල්‍යාධාර ලබා දීම ද විජේ අතින් මෙහිදී ආරම්භ කෙරිණි.
ඒ අනුව, ගෘහ මූලිකයන් සඳහා ලබා දුන් මාසික මූල්‍යාධාරය ඉන්දීය රුපියල් 1,500 සිට 1,800 දක්වාත්, වයස අවුරුදු 12 සහ ඊට වැඩි පවුලේ සාමාජිකයන් සඳහා වන දීමනාව රුපියල් 1,000 සිට 1,200 දක්වාත් ඉහළ නංවා ඇත. වයස අවුරුදු 12ට අඩු දරුවන් සඳහා වන මූල්‍යාධාරය රුපියල් 500 සිට 600 දක්වා වැඩි කර තිබේ. මේ සඳහා රජයට වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 14.95ක අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
මෙම අවස්ථාවට අනේවාසික දෙමළ සුබසාධන අමාත්‍ය කේ. තෙන්නරසු, ප්‍රධාන ලේකම් එම්. සායි කුමාර්, මහජන හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවේ ලේකම් ඊ. සුන්දරවල්ලි ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර, ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පිලිප් ග්‍රීන්, චෙන්නායි හි ඕස්ට්‍රේලියානු කොන්සල් ජනරාල් සිලායි සාකි සහ නියෝජ්‍ය කොන්සල් ජනරාල් කැමරන් නෝබල් ඇතුළු පිරිසක් ද වෙනම හමුවකදී තමිල්නාඩු මහ ඇමතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart