
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ජූනි මස ක්‍රිකට් ක්‍රීඩකයා සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග නිර්දේශ වි තිබේ.
සිම්බාබ්වේහි පැවැත්වෙන ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී වනිදු හසරංග පිට පිට තරග තුනකදි කඩුලු 5 බැගින් දවාගත් ලොව දෙවන පන්දුයවන්නා බවට පත්වු අතර,දගපන්දු යවන්නකු එවැනි දස්කමක් දැක්වූ පළමු අවස්ථාව ලෙස එය ක්‍රිකට් ඉතිහාසය එක්විය.
හසරංගගේ පන්දු යැවිමේ දක්ෂතා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවේදී ආරම්භවිමට නියමිත එක්දින තරගාවලියට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුවි ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ජූනි මස ක්‍රිකට් ක්‍රීඩක නිර්දේශයට ගනිමින් සදහන් කර ඇත.
සිම්බාබ්වේ කණ්ඩායමේ ෂොන් විලියමිස් සුදුසුකම් ලැබිමේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වෙමින් පිතිකරණයෙන් දැක්වූ දක්ෂතා මත ජූනි මස ICC ක්‍රිකට් ක්‍රීඩක නිර්දේශයට වනිදු සමග තේරී පත්ව සිටී.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ද ලෝක ටෙස්ට් ශුරතාව ජයග්‍රහණය කිරිමට පිතිකරණයෙන් දැක්වු දක්ෂතා මත ඊට නිර්දේශ වි ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart