
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළව, බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද(16) දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටියේය.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රගල හමුවේ මෙම නඩුව කැඳවූ අතර, නඩුව නැවත සැප්තැම්බර් 30 වැනිදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර දින කිහිපයකට පසුව ඥානසාර භික්ෂුව මෙලෙස අධිකරණයේ පෙනීසිටියේය. අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වූ වසර හයක සිරදඬුවමින් මාස නවයක පමණ කාලයක් විඳීමෙන් පසු, අදාළ ජනාධිපති සමාව හේතුවෙන් ඥානසාර භික්ෂුව නිදහස් වී සිටියේය.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය, නාවල පාරේ පිහිටි ඥානසාර භික්ෂුවගේ විහාරස්ථානය වෙත ගොස් ඇති බවත්, ඥානසාර භික්ෂුව සිටින තැනක් නොදන්නා බව එහි සිටි පිරිස දැනුම් දී ඇති බවත් ‘ද සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පත මුල් පිටුවේ පුවතක් වාර්තා කර තිබිණි.
කෙසේවෙතත්, ඥානසාර භික්ෂුවට සමීප ආරංචි මාර්ග එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැනි නිලධාරීන් පිරිසක් විහාරස්ථානයට නොපැමිණි බවත්, ඥානසාර භික්ෂුව සිටින තැනක් නොදන්නා බවට පළවන වාර්තා අසත්‍ය බවත්ය.
ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසුව ඉදිරි පියවර තීරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් බලාසිටින බව පොලිසිය වෙනමම ප්‍රකාශ කර ඇත.
අද දිනයේදී ඥානසාර භික්ෂුව කොළඹ මහාධිකරණය හමුවේ පෙනීසිටි මෙම නඩුව, අධිකරණයට අපහාස කිරීමේ වරදට අදාළ නඩුවෙන් බැහැර වූවක් වන අතර එය ඉස්ලාම් දහම සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශ පිළිබඳව පැවැත්වෙන්නකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart