
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම සඳහා නව ශාරීරික සුවතා වෛද්‍යවරයකු සහ නව පුහුණුකරුවකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.
මූලාශ්‍රවලට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම රැකියා සඳහා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සේවය භාවිත කිරීමට සළකා බලමින් සිටී.
මෙම තනතුරු සඳහා විදේශිකයන් බඳවාගන්න තුරු දේශීය පුද්ගලයන් තාවකාලික පදනමින් බඳවා ගැනීම ක්‍රිකට් ආයතනයේ අරමුණ වී ඇතැයි පැවැසේ.
ජාතික ක්රික කණ්ඩායමේ භෞතචිකිත්සක ක්‍රිස් ක්ලාක් සහ සහාය පුහුණුකරු ග්‍රාන්ට් ලුඩන් ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. පසුගිය ලෝක කුසලානය අවසන් වූ වහාම ඔවුහු ඉල්ලා අස්වූහ.
තම පවුලේ අය සමඟ එංගලන්තයේ නිවාඩුවක් ගතකරන ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නත්තල් නිවාඩුවෙන් පසු ඉක්මනින්ම ආපසු පැමිණීමට සුදානමින් සිටින බව පැවැසේ.
ඔහු සිම්බාබ්වේ සමඟ දේශීය තරඟාවලිය සඳහා ජාතික කණ්ඩායම භාරව කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව පත්වීම්ලාභී (උපදේශක) සනත් ජයසූරිය විවිධ කණ්ඩායම් සහ වෙන්ත් තනතුරු සඳහා නව සහාය කාර්ය මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීමට සම්බන්ධ වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart