
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශයට පත්කර තිබේ.
නව කොන්දේසි යටතේ, එක්සත් ජනපදය ජපානයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 15% තීරුබදු පනවා ඇත.
එම අගය මීට පෙර පැවතුණේ 25% ක් ලෙසය.
නව ගනුදෙනුව ප්රකාශයට පත්කරමින් ට්රම්ප් පැවසුවේ ජපානය සිය මඟපෙන්වීම අනුව අමෙරිකාව තුළ ඩොලර් බිලියන 550 ආයෝජනය සඳහා යොමුවනු ඇති බවයි.
එමෙන්ම ජපානයේ ආර්ථිකය ඇමරිකානු වාහන සහ සහල් සඳහා විවෘත කරනු ඇති බවයි.
සාකච්ඡා සඳහා වොෂින්ටනයට පැමිණ සිටින ජපානයේ ඉහළම වෙළඳ සාකච්ඡාකරු රියෝසි අකසාවා මෙම නව ගනුදෙනුව පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු ට්රම්ප් හමුවීමට හෝ දුරකථනයෙන් කතා කිරීමට තමා සූදානම් බව ජපාන අගමැති ෂිගේරු ඉෂීබා පැවසීය.
සාකච්ඡාවල ප්රතිඵලය ගැන කුමක් කළ යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා සහ ගිවිසුම පිළිබඳ විස්තර හොඳින් පරීක්ෂා කර බලනතුරු තමන්ට ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ නොහැකි බව ට්රම්ප්ගේ නිවේදනයෙන් පසුව ඉෂිබා ටෝකියෝවේදී වාර්තාකරුවන්ට පැවසීය.
කෙසේවෙතත් Truth Social හි සටහනක් තබමින් ට්රම්ප් පවසා ඇත්තේ නව ගනුදෙනුව සිය දහස් ගණනක් රැකියා උත්පාදනය කරනු ඇති බවයි.
අමෙරිකාව ජපානය සමඟ සැමවිටම හොඳ සබඳතාවක් පවත්වාගෙන යනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart