
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන නොසන්සුන්තාවන් ඇති කරන, ජනතාව නොමඟ යවන සහ අනවශ්ය බියක් පතුරුවන අසත්ය හා සත්යාපනය නොකළ තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ සංසරණය කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව පොලිසිය අනතුරු අඟවයි.
ජනමාධ්ය හමුවේ අදහස් දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් සඳහන් කළේ, සමාජ මාධ්ය හරහා අසත්ය තොරතුරු පැතිර යාමේ සිදුවීම් මෑතක සිට නිතර වාර්තා වන බවයි.
එම සටහන් බොහෝ විට මහජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමට, ජනතාව නොමඟ යැවීමට සහ බියක් ජනනය කිරීමට හේතු වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
පොලිසිය එවැනි ක්රියාකාරකම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව පැවසූ මාධ්ය ප්රකාශකවරයා, සත්යාපනය නොකළ හෝ අසත්ය තොරතුරු සමාජ මාධ්ය වේදිකා ඔස්සේ ප්රචාරය කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ එවැනි වැරදිවලට වගකිවයුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අවශ්ය සියලුම පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart