
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් සති දෙකකට ආසන්න කාලයක් අඛණ්ඩව එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හමුවේ වුවද, ඉරාන නායකත්වය තවමත් බොහෝදුරට සුරක්ෂිතව පවතින බවත්, නුදුරු අනාගතයේදී එය බිඳවැටීමේ අවදානමක් නොමැති බවත් ඇමරිකානු බුද්ධි අංශ වාර්තා පෙන්වාදී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම කරුණ පිළිබඳව දන්නා අමෙරිකාමු මූලාශ්‍ර තුනක් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය මේ බව වාර්තා කර ඇත.
බුද්ධි අංශ වාර්තා රැසක් මගින් ඉරාන පාලනය බිඳවැටීමේ අනතුරක් නොමැති බවට සහ ඔවුන් තවමත් ඉරාන ජනතාව පාලනය කිරීමේ ශක්තිය රඳවාගෙන සිටින බවට අඛණ්ඩ විශ්ලේෂණයන් ලබාදෙන බව එක් මූලාශ්‍රයක් සඳහන් කර ඇත.
මේ පිළිබඳ නවතම බුද්ධි අංශ වාර්තාව පසුගිය දින කිහිපය ඇතුළත සම්පූර්ණ කරන ලද බවද එම මූලාශ්‍රය වැඩිදුරටත් පවසා තිබේ.
බරපතල ප්‍රහාර සහ උත්තරීතර නායකයාගේ මරණය වාර්තා වුවද, ඉරාන රජයේ යාන්ත්‍රණය සහ හමුදා පාලනය තවමත් ක්‍රියාත්මක මට්ටමක පවතින බව මෙයින් පැහැදිලි වේ.
එමෙන්ම බටහිර රටවල් බලාපොරොත්තු වූ පරිදි ඉරානය තුළ විශාල මහජන නැගිටීමක් මේ දක්වා සිදුව නොමැති බව බුද්ධි අංශ පෙන්වාදෙයි.
ඉහළ යන තෙල් මිල හේතුවෙන් දේශපාලන පීඩනය එල්ල වෙමින් පවතින පසුබිමක, 2003 වසරෙන් පසු එල්ල කළ විශාලතම ඇමරිකානු හමුදා මෙහෙයුම ඉක්මනින් අවසන් කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟිකර ඇත.
කෙසේවෙතත්, ඉරානයේ දැඩි මතධාරී නායකයන් තවමත් ස්ථාවරව සිටින්නේ නම්, යුද්ධයට පිළිගත හැකි අවසානයක් සොයාගැනීම දුෂ්කර විය හැකිය.
ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවල පළමු දිනය වූ පෙබරවාරි 28 වැනිදා උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වුවද, ඉරානයේ ආගමික නායකත්වයේ පවතින ඒකාබද්ධතාව අමෙරිකානු බුද්ධි අංශ වාර්තා මගින් අවධාරණය කෙරේ.
යුද්ධය හේතුවෙන් ඉරානයේ ආගමික පාලනය බිඳවැටෙනු ඇතැයි නිශ්චිතවම කිව නොහැකි බව ඊශ්‍රායල නිලධාරීන් ද රහස් සාකච්ඡාවලදී පිළිගෙන ඇති බව ඊශ්‍රායල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart