
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය එරට සිටින අමෙරිකානුවන්ට ආරක්ෂාව පිළිබඳ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ මැතිවරණ කාලය තුළ බංග්ලාදේශයේ සිදුවිය හැකි දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබඳ තානාපති කාර්යාලය එලෙස ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.
එහි දැක්වෙන්නේ බංග්ලාදේශයේ සිටින ඇමරිකානු පුරවැසියන්ට සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි.
තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් X හි පළ කළ සටහනක පවසා ඇත්තේ, බංග්ලාදේශය 2026 පෙබරවාරි 12 වන දින පාර්ලිමේන්තු මැතිවරණයක් සහ ජාතික ජනමත විචාරණයක් එකවර පැවැත්වීමට නියමිත බවයි.
මැතිවරණ කාලය තුළ, දේශපාලන ප්‍රචණ්ඩත්වය හෝ අන්තවාදී ප්‍රහාර සිදුවිය හැකි අතර, ඒවා රැලි, ඡන්ද මධ්‍යස්ථාන සහ ආගමික ස්ථාන ඉලක්ක කර ගත හැකි බව ද එහි දැක්වේ.
එබැවින් එක්සත් ජනපද පුරවැසියන් සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත්, පෙළපාලි වළක්වා ගත යුතු බව සහ ඕනෑම විශාල රැස්වීමක් අවට ප්‍රවේශම් විය යුතු බවත් තානාපති කාර්යාලය පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart