
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ පළමු පියවර ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම් නියෝජිතයන් හමුවී මැයි දිනයෙන් පසුව ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
අඟහරුවාදා සවස පැවති මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන සහභාගී වී ඇත.
ඊට අමතරව ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස්, හරීන් ප්‍රනාන්දු, කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ අනුර ප්‍රියදර්ශන යාපා යන පිරිස ද අඑම රැස්වීමට සහභාගී වී තිබිණි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඊට සහභාගී වූ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය වෙන වෙනම මැයි දින රැලි පැවැත්වීමටත් ඉන් පසුව පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් වෙනත් සමාන අදහස් ඇති පක්ෂ සමඟ සන්ධානගත වීමටත් මෙහිදී තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා මෙවර පොදු අපේක්ෂකයකු ලෙස යෝජිත සන්ධානයේ ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වනු ඇත.
ඔහු එක්සත් ජාතික පක්ෂ ලකුණින් තරග නොකරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලුම පක්ෂ සහ කණ්ඩායම්වලට පිළිගත හැකි ලකුණක් යටතේ නව සන්ධානය ලියාපදිංචි කිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට සහ ඇමැති ටිරාන් අලස්ට පවරා ඇති බව ද වාර්තා වේ.
ජූනි මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය රටට හිමිවීමෙන් පසු ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්රචාරක ව්‍යාපාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
නව සන්ධානය පිහිටුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ පිවිතුරු හෙළ උරුමය ප්රමුඛ දේශපාලන කණ්ඩායම්වලට ද ආරාධනා කිරීමට නියමිත බව ප්‍රකාශ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart