October 30, 2026

නිකවැරටිය රෝහලේදී පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත කොබෙයිගනේ පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.

විවිධ සොරකම් සම්බන්ධයෙන් සැකපිට පසුගිය ඔක්තෝබර් 25 වනදා කොබෙයිගනේ, බද්දෙගම ප්‍රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා ගසක බැඳ තබා පොලිසියට භාරදුන් පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබේ.

දින දෙකක කාලයක් පොලිස් අත්අඩංගුවේ පසුවූ මෙම සැකකරු, ඔක්තෝබර් 27 වනදා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

සැකකරුගේ මරණයෙන් පසු, ඔහුව අල්ලා පොලිසියට භාරදීමට කටයුතු කළ ප්‍රදේශවාසීන් පස්දෙනෙකු ද කොබෙයිගනේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.