
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි නිසා එම භූ දර්ශනය ආරක්ෂා කරන ලෙස යුනෙස්කෝ සංවිධානය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඓතිහාසික සීගිරිය යනු සීගිරි පර්වතය පමණක් නොවන බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පැවැසීය.
සීගිරිය වටා ප්රාග් ඓතිහාසික ලෙන් මෙන්ම සුසාන භූමි පද්ධතියක් පවතින හෙයින් යුනෙස්කෝ සංවිධානය ආරක්ෂා කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒවා බවද ඔහු සඳහන් කළේය.
අනවසර ඉදිකිරීම් වැඩිවුවහොත් සීගිරියට ද යම් තර්ජනයක් ඇතිවිය හැකි බවද ඔහු තවදුරටත් පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරිය පර්වතයට ඔබ්බෙන් වූ යාර 200 සහ 400 සීමාව ආරක්ෂා කරන බවත්, ඒ ඇතුළත අලුත් ඉදිකිරීම් කිසිවක් කිරීමට ඉඩනොදෙන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
එම ප්‍රදේශයේ කලින් ඉදිකිරීම් සිදුව ඇති අතර යාර දෙසීය සීමාවේ 50 දෙනකුද යාර හාරසීයේ සීමාවේ 74 දෙනකුද අනවසරයෙන් පදිංචිව සිටින බව ප්‍රකාශ කළේය.
එම පිරිස ක්‍රමානුකූලව එතැනින් එහා කලාපයට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙලක් සෑදිය යුතු බවත්, රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කොට ඉතාම හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart