
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාතාල ලෝකයේ අලුත්ම උණුසුම් ආරංචියක් අපේ කන්වල වැදුණා. මතකද අර අලුත්කඩේ උසාවිය ඇතුළේදීම වෙඩි තියලා පාතාල නායක ගණේමුල්ලේ සංජීවගේ කේස් එක? අන්න ඒ සිරා ගේමේ ප්‍රධාන සැකකාරියක් වෙච්ච ‘ඉෂාරා සෙව්වන්දි’ට තවත් මාසෙක කාලයක් රිමාන්ඩ් එකේම… සොරි, රැඳවුම් භාරයේම තියාගෙන ප්‍රශ්න කරන්න, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෙලින්ම අවසර ගෙනලු!
විමර්ශන ලොක්කෝ කියන විදිහට සෙව්වන්දි නිකම්ම නිකම් කෙල්ලෙක් නෙවෙයි. පාතාල නායක ‘කෙහෙල්බද්දර පද්මේගේ’ කුඩු ජාලයෙන් හම්බකරන කිලිටි සල්ලි, ගම්පහ පැත්තේ ඉන්න ‘ඔස්මන්’ හරහා සුදු සල්ලි (නීත්‍යානුකූල මුදල්) බවට පත්කරන සුපිරි ‘මනි ලොන්ඩරින්’ ඒජන්ට්වරිය තමයි මෙන්න මේ සෙව්වන්දි! කෙටියෙන්ම කිව්වොත් පාතාලේ ප්‍රධාන සල්ලි හෝදන්නිය.
දැනටමත් මාස 8ක් තිස්සේ ඇතුළේ ඉඳන් පොලිස් සංග්‍රහය විඳපු සෙව්වන්දිගෙන් තවම අහලා ඉවර නැති ප්‍රශ්න ගොඩක් තියෙනවලු. ඒ නිසාම එයාගේ රඳවා ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කරන්න පොලිසියේ ජ්‍යෙෂ්ඨ ලොක්කෙක් තීරණය කරලා තියෙනවා. සෙව්වන්දි කරලා තියෙන බරපතල ගණයේ අපරාධ සහ පාතාල කනෙක්ෂන් ගැන හැම රහසක්ම එළියට ගන්නකම් පොලිසිය මේ වැඩේ අතහරින්නේ නැති පාටයි.
බලමුකෝ ඉතින්, තව මාසයක් ඇතුළේ ඉන්නකොට සෙව්වන්දි පාතාලේ කාගේ කාගේ රෙදි ගලවයිද කියලා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart