
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ ඒ මත පනවා ඇති අධික බදු ප්‍රමාණය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙරට නිවාස මිල ඉහළයාමට ද ප්‍රධාන හේතුව වී ඇත්තේ ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය මිල ඉහළ යාම බවයි.
එහිදී මිල අධික අමුද්‍රව්‍ය ලෙස සිමෙන්ති සහ යකඩ පෙන්වා දිය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එම වෙළඳපලේ පවතින ඒකාධිකාරිය මිල ඉහළ යාම සඳහා ඍජු බලපෑම් එල්ල කර ඇති බව සහ ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය වැනි කලාපයේ අනෙක් රටවල් සමග සසඳා බැලීමේදී මෙරට සිමෙන්ති මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.
එම රටවලට සාපේක්ෂව මෙරට සිමෙන්ති මිල සියයට 45 කින් ඉහළ බව ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ යකඩ මිලට ද බලපා ඇත්තේ මෙවැනිම තත්වයක් බවයි.
එබැවින් ඉදිකිරීම් ක්ෂේත්රය කඩා වැටීමෙට පෙර මෙම ගැටලුව සඳහා විසඳුම් ගෙන ආ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී යෝජනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart