
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා රජය කණගාටුදායක ලෙස, වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇතැම් යෝජනා ප්රතික්ෂේප කර ඇති බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසයි.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා ලෙස පත්වීමෙන් අනතුරුව ටර්ක් ශ්රී ලංකාව සම්බන්ධයෙන් සිදුකළ පළමු ප්රකාශය මෙයයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53වන සැසි වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කර තිබේ.
ටර්ක් පෙන්වා දෙන්නේ අදාළ යෝජනා ප්රතික්ෂේප කළද සිය කවුන්සිලයේ නියෝජිතයන් නිරන්තරයෙන් ශ්රී ලංකාවට පැමිණෙමින් සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇති බවය.
පසුගිය වසර 10ක කාලය තුළ කවුන්සිලයේ නියෝජිතයන් බොහෝ දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ නිර්දේශ ක්රියාත්මක කිරීමට මෙරට බලධාරීන් දිරිමත් කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා සඳහන් කරයි.
ඊයේ (19) ජිනීවා හීදී ආරම්භ වූ මෙම සැසිවාරය ලබන ජූලි 14වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහිදී ශ්රී ලංකාව සම්බන්ධයෙන් විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ ක්රියාකාරී කණ්ඩායමේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart