June 13, 2025

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගෙන තිබේ.

2025 පළාත් පාලන මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමෙන් පසු සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ඒකාබද්ධව ප්‍රාදේශීය සභාව පිහිටුවා ඇත.

අද (13) දින පැවති මැතිවරණයේදී, සමගි ජන බලවේගයේ අජිත් විපුල බණ්ඩාර සුබසිංහ උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.

පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ ආසන 06 බැගින් දිනාගෙන තිබිණි.