
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාගරික සංවර්ධන අධිකාරිය විසින් වාහන නැවැත්වීමේ ස්ථාන පහක් සඳහා වසර දෙකක කළමනාකරණ කොන්ත්රාත්තු එකවර ප්රචාරය කර තිබේ.
එය සිදුකර ඇත්තේ අතීතයේ සිදු වූ පරිදි සියලුම බිම් කොටස් තනි ක්රියාකරුවකුට යෑම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි.
මෙම වාහන නැවැත්වීමේ ස්ථාන සඳහා කොන්ත්රාත්තු කල් ඉකුත් වූ පසු එකවර ලංසු විවෘත කිරීමට තීරණය කරන තෙක් කෙටි කාලයක් සඳහා අලුත් කරන ලද බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මහින්ද විතානච්චි පැවසීය.
“අපි මෙම ස්ථාන සඳහා වෙන වෙනම ලංසු කැඳවන විට, එක් පුද්ගලයකුට ඒවා ලැබෙනවා,වෙන වෙනම ප්රචාරය කරන විට, එක් පුද්ගලයකුට ඒ සියල්ල සඳහා ලංසු තැබිය නොහැකියි.” ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව, කොළඹ 2 බාලදක්ෂ මාවතේ අක්කර 1.77ක් මාසිකව රු. 600,000ට වඩා වැඩි ලංසු මිලකට නව කළමනාකරණ කොන්ත්රාත්තුවක් සඳහා විවෘතව පවතී.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් අපේක්ෂා කරන මසකට අවම රු. මිලියන 7.2ට වඩා වැඩි ලංසු මිලකට පිටකොටුවේ චාමර්ස් ග්රැනරි හි අක්කර අටයි පර්චස් 40ක වාහන නැවැත්වීමේ ස්ථානයක් ලබා ගත හැකිය.
කොළඹ ගෝල්ඩ් සෙන්ටර් (කලින් ශාන්ත ජෝන් මාළු වෙළඳපොළ) අසල පිහිටි පර්චස් 25ක තවත් වාහන නැවැත්වීමේ ස්ථානයක් මාසිකව රු. 311,300ක මූලික මිලට වඩා ඉහළ ලංසුවකට ඉදිරිපත් කර තිබේ.
මරදාන අබේසිංහරාමයේ අක්කර එකයි පර්චස් 25ක් මාසිකව රු. 250,000ක මූලික මිලට වඩා ඉහළ ලංසුවකට ලබා ගත හැකිය.
තලවතුගොඩ පර්චස් 67ක මෝටර් රථ නැවැත්වීමේ ස්ථානයක් මසකට රු. 200,000ක මූලික මිලකට ප්රචාරය කර තිබේ.
සියලුම ලංසු 2025 ජූලි 16 වැනි දින අවසන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart