
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු වනසතුන් දඩයම් කර කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී ගිනිඅවි සමඟ වනාතවිල්ලුව හයේ කණුව මාර්ග බාධකයේදී එහි රාජකාරිවල නිරත වූ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට ඊයේ (29) අලුයම සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මිතුරෙකු බව පොලිසිය පවසයි.
වනාතවිල්ලුව හයේ කණුව මාර්ග බාධකය හරහා ගමන් කරමින් තිබූ මෙම කැබ් රථය ගැන සැක සිතුණ මාර්ග බාධකයේ රාජකාරිවල නිරත වී සිටි පොලිස් නිලධාරින් අදාළ කැබ් රථය නවතා පරීක්ෂා කිරීමට ලක්කර ඇත.
එහිදී වෙඩිතබා මරන ලද විශාල මොණරකු හා හාවන් දෙදෙනකු සමඟ විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයෙ ගිනිඅවියක් හා හිස් පතරොම් හතරක්, ජීව පතරොම් එකක් හා පිහි දෙකක් තිබී හමුවූ බව පොලිසය පවසයි.
ඒ සමඟම මෙම සැකකරුවන් ගමන් ගත් කැබ් රථය ද මාර්ග බාධකයේ රාජකාරිවල නිරත වී සිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හා මොණරා හා හාවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වනාතවිල්ලුව පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරඹා තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart