August 4, 2026

ඇමෙරිකාවේදී අගෝස්තු 05වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයේ යොවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්ව සඳහා සාද් ෆලීල් සුදුසුකම් ලබා ඇති අතර, අදාළ ඉසව්ව වෙනුවෙන් සුදුසුකම් ලැබූ එකම දකුණු ආසියාතික ක්‍රීඩකයා වන්නේද ඔහු වීම විශේෂත්වයකි.

මේ අතර අතිබ් රිෆායි මීටර් 400 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කරමින් මෙම ලෝක ශූරතාවලියට එක්වීමට නියමිතය.

ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රීඩකයන් දෙදෙනාම තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් පුහුණු වැඩසටහන් සඳහා මේ වන විට එක්ව සිටිති.